2022 මාර්තු 27 වන ඉරිදා

දෙලොවක් අතර

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 672

ආණ්ඩු පක්ෂය ඉඳලා විරුද්ධ වැඩකරන පක්ෂ 11 කණ්ඩායමේ එක්කෙනෙක් ගැන කට්ටියම ඉන්නේ ප්‍රශ්නයකලු .එයා ගැන බෙදුනු අදහසක් ලැබෙන නිසා හැමෝම දැන් එයාට හොරෙන් මොකද කරන්නේ කියලා කතා වෙනවලු.

ආගමික නායකයෙක් වන එයාගේ වැඩ පහුගිය කාලේ ඉඳලා කට්ටියට අල්ලන්නේ නැති නිසාත් තැනින් තැනට එයා පනින නිසාත් මේ කණ්ඩායමේ අලුත් වැඩේට මෙයාව ඉස්සරහින් දාන්න එපා කියලා කට්ටියක් කියනවලු. කොහොම වුණත් ආගමික නායකයෙක් වගේ ඉන්න එයා ඉබේටම ඉස්සරහට එන නිසා ඒක නවත්තන්නත් බෑලු. දැන් දෙලොවක් අතර අතරමං වෙලා ඉන්න මේ ප්‍රශ්නය නිසා කණ්ඩායම අවසානයේ තීරණයක් ගත්තලු. ජනතා ප්‍රතිචාර හමුවේ ක්‍රියාත්මක වෙන්න. ඒ අනුව මෙයාට ජනතා විරෝධයක් ආවොත් ඉවත් කරනවා කියලලු හිතං ඉන්නේ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00