2022 මාර්තු 27 වන ඉරිදා

පට්ටම උස්සන්නලු

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 555

දේශපාලනේට ඇවිල්ල වැඩි දවසක් ගිහිල්ල නැති වතුකරේ තොණ්ඩ මෑන් ආණ්ඩුවත් එක්ක ගෝරියක පැටලිලාලු.... ඒ හින්දම මහ කන්තෝරුවෙ තිබුණ මහ පක්ෂවල රැස්වීමටත් පැමිණීම වර්ජනේ කරල තිබුණ.

තමුන් නියෝජනේ කරන හීතල දිස්තිරික්කෙට තවත් කැබිනට් පට්ටමක් ඕන කියල එයා කියනවලු... ඒක එයාට ලැබෙන්න ඕනෑ බවත් දන්වල...

එහෙම නැත්නම් තමන් කැමති වෙනත් රාජ්‍ය මට්ටමේ ඇමැතිකමක් එක්ක... දිස්තිරික්කෙ සංවර්ධනේ භාර සභාපතිකමවත් ඕනෑ බවයි එයා දිගින් දිගටම කියන්නෙ. ඇස්.බී., සී.බී. දෙන්නම ඇමැතිල නිසා තමනුත් ඒ මට්ටමට පත් කරන්න කියන එකයි එයාගෙ කතාව. 

එයා කොහොම කිව්වත් දිස්ත්‍රික් සංවර්ධනේ සභාපති පට්ටමට එයාගෙම පක්ෂයේ වෙනත් කෙනෙකුත් රහසින් ආණ්ඩුවට පණිවුඩ පිට පණිවුඩ එවන්න පටන් අරන් කියලත් ආරංචි.

පක්ස නායකයට කුද ගහගන්න කියල තමන්ට දිස්ත්‍රික් සංවර්ධනේ ලොකු පුටුව ඕනෑම කියලලු ඒ මන්තිරි තැන කියන්නෙ. එයා වතුකරේ ප්‍රසිද්ධ වරම් කෙනෙක් බවයි තතුදත් අයගෙන් කියවෙන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00