2022 මාර්තු 13 වන ඉරිදා

’’පුතා’’ සමතලා කිරිල්ල

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 664

අත පාටියේ ලොකු තැනගේ පුතා වගේ හදාගෙන, පළාතේ ලොකු ඇමැතිත් කරලා, පස්සේ ආණ්ඩුකාරයකුත් කරපු කෙනා පසුගිය දවස් ටිකේම ලොකු තැනට ගැහුවනේ. ඒත් ලොකු තැන නෙමෙයි කටක් ඇරියේ. ඒත් එයා නවත්තන්නේ නැතුව හැමතැනම ලොකු තැනට ගහන නිසා ලොකු තැනට නහුතෙට කේන්ති ගිහින්ලු ඉන්නේ.

මේ නිසාම ලොකු තැන කල්පනා කළාලු එයාට උත්තර දෙන්න කියලා. ඒ නිසා මින් ඉස්සරහට දිගට හරහට මෙයා එයාගේ දරුවා වගේ කෙනාට ගහනවා කියලා තීන්දු කළාලු. නිකම් නෙමෙයි එයා ගාව තියෙන පරණ ෆයිල් පවා එළියට අදින්නලු මේ පාර යන්නේ. ඒ නිසා මේ දවස්වල ඒ ජය රත්නයක් වගේ ඉන්න කෙනා මිනිපුරේ ගිහින් කරපු රත්න ගැරිල්ලක් ගැන අකුරක් නෑර කියන්නලු යන්නේ. ඒ එයා මුතු මැණික් සංස්ථාව භාරව හිටිය කාලේ කරපු දෙයක් කියල තතු දත් අය කියනවා. ඒ නිසා ලොකු තැන ඒකත් ඇදලම දෙන්න යන්නේ කියලයි ආරංචිය. මේ පාර පුතා සමතලා කරනවා කියලයි මෙයා කියලා තියෙන්නේ.