2022 මාර්තු 13 වන ඉරිදා

ගෙදර වැඩ - ඇ-මැති

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 702

කවදත් අපට නොතේරෙන දේවල් කරන ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ මේ දවස්වල තමන්ගෙ ඇමැති කන්තෝරැවට ගන්නෙ නැතිලු. ඒ එක්තරා විරෝධයක් නිසා බවත් ආරංචියි. නමුත් උන්නැහේ එහෙම හොයන්නෙ තමන් නැවත තමන්ගෙ පට්ටමේ රාජකාරි නොකරන බව රටට කිව්ව නිසා කියලයි එයාගෙ හිතවතුන් නම් කියන්නෙ...

මේ වැඩ නොමැති ඇමැති තැන නිකමටවත් කන්තෝරුව පැත්තෙ නොයන තවත් හේතුවක් තියෙනවලු. ඒ එහෙම ගියාම මාද්දිය කස්ටිය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න සිදුවීමලු... ඒව එහෙම වුණාට උන්නැහේගෙ ගෙදර කන්තෝරු කාමරේට දැන් හැමදාම වගේ කන්තෝරුවෙන් එයාගෙ ලිපි ලේඛන ෆයිල් පිටින් ගෙනැල්ලා ගෙදර ඉඳන් තමන්ගෙ රාජකාරි කරන බවත් ආරංචියි...

එහෙම බලනකොට දැන් සිද්ධ වෙන්නෙ උන්නැහේ කන්තෝරු නොයාම විතරයිලු. රාජකාරි සේරම ගෙදර වැඩ හැටියට ගෙදරදිම කරනවලු... ඉතින් මේ මුන්නැහේ හැබෑවටම මොකද්ද කරන්නෙ... කියලා අපට නම් තේරෙන්නෙ නැහැ කියලා එයාගෙ කන්තෝරුවෙම පොඩ්ඩො කියනවා....

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00