2017 මැයි 06 වන සෙනසුරාදා

චීනෙන් බරබරයක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 612

ඒකාබද්දෙ කස්ටියට රතු චීනෙන් බරබරයක් දාලා කියලා ආරංචියි... මේ බරබරේට හේතුව දෙගොල්ලො පරණ යාළුවො හැටියට හිටියත් හම්බන්තොට වරායෙ වැඩේ බකල් කරන්න ඒකාබද්දෙ උද්ඝෝෂණ කරල බාල්දි පෙරැළීම කියලයි තතු දත් අය කියන්නෙ...

ඊටත් අමතරව තවත් කතාවක් කියනවලු... අපේ සමාගමකට හම්බන්තොට බදු දෙන්න යනකොට ලොකු ගෝරියක් ඇදපු ඒකාබද්දෙ ඉන්දියාවට ත්‍රිමලේ වරාය පවරන්න යාමෙදි තරමක් නිහඬව උපායක් අනුගමනය කිරීම තේරුම් ගන්න බැහැ කියන එකලු ඒ කතාව...

චීන ආණ්ඩුවෙ මේ පණිවුඩේ තානාපති අංශ හරහා මහින්ද උන්නැහේටත් ලැබෙන්න සලස්සල... ඊටපස්සෙ දැන් ඒකාබද්දෙ කස්ටිය මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අහස පොළොව ගැටලනව කියනව.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00