2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ආවෙ නැතිලු

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 826

රට මැදට යන අධිවේගේ ඊයෙ පෙරේදා ලොකු උත්සවයක් කරල විවෘත කළා... වැඩේ වගේම උත්සවෙත් අලංකාරෙට තිබුණා. නමුත් ඒ උත්සවය ඇතුළෙ වුණත් සමහරැන්ගෙ දේශපාලන හැලහැප්පීම් පෙනෙන්න තිබුණු බව තතු දත් ආරංචි මාර්ග කියනවා.

එතනින් ලොකුවටම කැපීපෙනුණෙ විෂය භාර රාජ්‍ය මට්ටමේ ඇමැති තැනගෙ නොපැමිණීමලු... උන්නැහේ අමාත්‍යාංශයෙ ඉහළ කස්ටිය එක්ක කොක්කක පැටලිලාලු ඉන්නෙ.. ඒ නිසාම උන්නැහේ මේ මහ උත්සවේ දවසෙ විදේශගත වෙලා හිටපු බවයි ආරංචි.

එයාට අමතරව ආණ්ඩුව පිහිටුවන්න අත දුන්න වයඹ පළාතෙ අත පාටියෙ කස්ටිය විතරක් නෙවෙයි.. ඒ පළාතෙන් ආපු පුංචිම පක්ෂයක නවරත්නයකුත් උත්සව සභාවෙ පේන්න හිටියෙ නැතිලු.

මේ අයගෙ නිහඬ වර්ජනය මොකක් වුණත් උත්සවය නම් හොඳින් කෙරැණු බවයි තතු දත් අය වැඩිදුරටත් කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00