2022 ජනවාරි 22 වන සෙනසුරාදා

එයාගෙයි අපෙයි වැඩ

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 574

දුරකථන පාටියේ තරුණ මන්ත්‍රී නඩයක් ලෑස්ති වුණාලු සිරගත වෙලා ඉන්න නළු මන්ත්‍රීව එළියට ගන්න දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට. මේ වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු ලෑස්ති වෙනකොට ඒ ගැන පක්ෂයෙ ඉහළටත් දැනුම් දුන්නලු මෙන්න මේ වගේ වැඩක් අපි කරනවා.. ඔබතුමාලත් ඒ වැඩේ ප්‍රධානියො හැටියට එන්න කියලා. ඒ වුණත් ඒ ඉල්ලීමට ලැබුණු පිළිතුර බොහොම අප්සෙට් එකක් කියලයි තරුණ මන්ත්‍රී කස්ටිය කියන්නෙ.

තමන්ගේ පක්ෂයේ තමන්ගේ මන්ත්‍රී කෙනෙක් බේරාගන්න වැඩකට එන්න බෑ කියන්න තරම් පුදුම ලොක්කො අපිට ඉන්නේ කියලා හැමෝටම කියවුණාලු. කොහොම වුණත් ඒකටත් වඩා හොඳම සිද්ධිය වුණේ ඊට පහුවැනිදා හැමෝම මන්ත්‍රීවරුන්ගේ දුරකථනවලට වීඩියෝ එකක් එන්න ගත්තලු. ඒකෙ තිබුණෙ පක්ෂ ප්‍රධානියකුගෙ කතාවක්. ඒකේ කතා කළ ලොක්කා කියනවලු මෙහෙම. "අහවල් මන්ත්‍රීතුමා බේරගන්න අපි කැප වෙනවා. ඒ වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු පෙළගස්වනවා" කියල. දැන් තරුණ මන්ත්‍රීවරුන්ගේ වැඩේ ඒ විදියට ඉහළම අය අතට අරන්ලු.