2022 ජනවාරි 15 වන සෙනසුරාදා

පරණ ගෝලයො එකතුවෙලා

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 885

ශ්‍රීලනිප නිර්මාතෘ බණ්ඩාරනායක මහත්තයගේ ජන්ම දිනයට හිටපු ලොකු මැඩම් ලොකූ උත්සවයක් ලෑස්ති කළාලු. ඒකට හැමෝටම ආරාධනා කළා වගේම තවත් විශේෂ තුන්දෙනකුට විශේෂ ආරාධනාවක් කළාලු. ඒ පහුගියදා එළියට දැම්ම රාජ්‍ය ඇමති කෙනයි, කුලියාපිටියේ පැත්තේ කණ්නාඩි දාන හිටපු උස කැබිනට් කෙනා සහ ගාල්ලේ පැත්තේ චණ්ඩි කතා කියන කෙනෙකුයි මේ අතර හිටිය. මේ තුන්දෙනාම ඉතිං මැඩම්ගේ හොඳම ගෝලයෝ කාලයක්. හැබැයි අන්තිමේ මෙයාලා රටේ දෙවැනි තැනගේ ළඟ නතර වෙලා කාලයක් වැඩකරලා ඊටපස්සේ අද මෙලෝ දෙයක් නැතුව ඉන්න අය.

ඉතිං මේ තුන්දෙනාම කවදාවත් නැතුව මැඩම්ගේ වැඩේට ගියා විතරක් නෙමෙයි මාධ්‍යට පේන්න මැඩම්ට වඳින්නත් අමතක කළේ නෑලු. අවසානයේ මේ තුන්දෙනා එක්ක කතා කළා කියලත් ආරංචියි. මැඩම්ගේ එහා පැත්තේ හිටිය කළුතර සිංහයා කියන එක්කෙනාට මේ වෙද්දී අලුත් පක්ෂයකට අවසරයත් ලැබිලා නිසා. එයාව අලුත් ගමනක් මැඩම් එක්කන් යන නිසාත් මේ තුන්දෙනා අලුත් ලෝකයක් හදන්න හදනවද කියල එතන කට්ටිය කතා වුණාලු. ආරංචි හැටියට මැඩම් සහ ගෝලයෝ රොත්ත දැන් ටික ටික එකතු වෙනවලු තැන් තැන්වල.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00