2022 ජනවාරි 15 වන සෙනසුරාදා

සැර විවේචන

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 585

දුරකථන පාටියේ ඉහළ මට්ටමේ කිහිපදෙනෙක් මේ දවස්වල ලොකු තැන එක්ක හිත හොඳින් නෙමෙයිලු ඉන්නෙ. ඒකට හේතුව ලොක්ක ළඟ ඉඳලා උපදෙස් දෙන අලුත් මන්ත්‍රී උපදේශකයන් තුන්හතර දෙනෙකුගේ කටයුතු කියලයි ආරංචි. ඒ උපදෙස් දෙන අයගේ වැඩ නිසා ලොක්කා පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයො කියන දෙයක් අහන්නේ නෑ කියලයි එයාලගේ චෝදනාව.

දැන් ඔය ලංකාව වටේ ජන හමු තිය තියා යන එකට පවා සමහර අය අකමැති වුණත් ඒක අහන්නේ නෑලු ලොකු තැන. එයා කරන්නේ අලුත් උපදේශකයෝ තුන් හතර දෙනා කියන දේවල් බවයි චෝදනා නගන අයගේ මතය. ගොඩක් අය කිව්වේ මේ අවුරුද්දේ එයාලගේ පක්ෂයේ ඉඳලා දැන් හිරබත් කන නළු මන්ත්‍රීව බේරගන්න දෙයක් කරමු කියලා උනත් ඒ ගැන ඉහළ ප්‍රතිචාරය ඉතාම සීතල එකක් වීම ගැනත් මේ අය කනස්සල්ලෙන්ලු ඉන්නෙ. ඒ නිසා මේ කලකිරුණ පිරිස තැන් තැන්වල සැර විවේචන සමග අලුත් පිළිවෙතක් ගැන කතාබහ පටන් අරන්ලු. ඒකට පරණ ලොකු තැනගෙන් පවා උපදෙස් ලැබෙන බව ආරංචියි.