2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ප්‍රාඩෝවේ රහස

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 791

ආණ්ඩුවෙ මැති ඇමැති කස්ටියක් වාහනේකින් ගමනක් යමින් සිටියා. ලොහාන්, මිලාන්, ඩිලාන් එක්ක ආන්දෝලනාත්මක (කුට්ටි) මන්ත්‍රීතුමත් වාහනේ උන්නා. එයාල ගමන් කළේ (කුට්ටි) මන්ත්‍රී තැනගෙ අලුත්ම ප්‍රාඩෝ රථයෙන්...

මෙහෙම යන ගමන් ඌවෙ කටකාරයකු වන ඩිලාන් (කුට්ටි) මන්ත්‍රීගෙන් ඇහුව අපිටවත් නැති අලුත් ප්‍රාඩෝ එකක් එයාට ලැබුණෙ කොහොමද කියල...

එතකොට තව කෙනෙක් කිව්ව මුලින් මචං උඹ ආවෙ මෝටර් බයිසිකලේ. ඊළඟට කාර් එකේ. දැන් සුපිරිම ප්‍රාඩෝ එකක යනව. අවුරුදු 30ක් කවුන්සිලේ හිටපු අයටවත් මේ වගේ සුපිරි වාහන නැහැනේ... කියල. එතකොට කුට්ටි මන්ත්‍රීතුමා හයියෙන් හිනාවෙලා කිව්ව “මම ඉතින් හොඳට ආණ්ඩුවට කඩේ යනවනේ” කියල....

එතකොටම ඌවෙ කටකාර ඩිලාන් උන්නැහේ කීවේ අපිත් කඩේ යනවනේ කියලයි.

ඒ පාර කුට්ටි උන්නැහේ කියනව කඩේ ගියාටම මදි. තවත් දේවල් තියෙනව කරන්න... මම ඒවත් කරනව කියල. මොකද්ද අප්පා අපිත් නොදන්න ඒ රහස... හැමෝම ඇහුව... ඒකට කුට්ටි මන්ත්‍රීතුමා මෙහෙම උත්තර දුන්න.
“කඩේ ගියාටම මදි. කඩේට ගිහින් කැෂියර් ගාවටත් යන්න ඕන. මම හැමදාම ඒක කරනව. ඒකෙ අනුහසින් තමයි මේ සේරම ලැබෙන්නෙ” කියල එයා ප්‍රාඩෝ වාසනාව උදාවුණ රහස කස්ටියට කියල දැම්ම.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00