2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දුරදිග ගිය විහිළුව

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 764

පොහොට්ටු කස්ටියගෙ දුක් ගැනවිලි ගැන කතා කරන්න පසුගිය දවසක රටේ දෙවැනි මහත්තයගෙ මූලිකත්වයෙන් විශේෂ මැති ඇමැති හමුවක් තිබ්බ.... ඒකට හවුල්කාර පක්ෂවල කස්ටියට ආරාධනා කරල තිබ්බෙ නැහැ...

මේ රුස්වීමේදී එක එක මැති ඇමැති ගොල්ල තමන්ගෙ දුක් ගැනවිලි කතා කරද්දී පසුපෙළ ඉන්න හුඟක් ප්‍රසිද්ධ මන්ත්‍රීතුමියක් තමන්ට ගිය ආණ්ඩු කාලෙ වෙච්ච හිරිහැර ගැනත් කියල මේ ආණ්ඩුවෙන් රාජ්‍ය මට්ටමේ ඇමැතිකමක්වත් නොලැබුණු එක ගැන ලොකු අඳෝනාවක් කළා... ඒ මොනවා වුණත් තමන් කිසි කෙනෙක් හමුවේ දණ නමන්න සූදානම් නැතැයි මේ මන්ත්‍රීතුමිය වැඩිදුරටත් කිව්ව....

එහෙම කියනකොට එතුමියට පසුපස අසුනක වාඩිවෙලා හිටපු උඩරට පළාතෙ වත්තක නමක් තියෙන එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් මන්ත්‍රීතුමියගෙ කතාවෙ වචනයක් අල්ලගෙන දෙපිට කැපෙන විහිළුවක් කළා...

ඇමැති පට්ටම ගැන දුකෙන් හිටපු මන්ත්‍රීතුමියට මේ විහිළුවට (මල පැන්න) මල පැනල, හොඳ ශුද්ධ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් බොහෝම තිත්ත වචන සැට් එකක් පිට කළා....

ඊළඟට නැගිටල විහිළුව කළ ඇමැති පැත්තට හැරිල තවත් දේවල් කියන්න හදනකොටම එන පොට හොඳ නැති බව දැනගත්ත උඩරට ඇමැති තැන රැස්වීමෙන් පිටවෙලා බාගෙට දුවමින් යන්න ගියා...

බොහෝම සැර වැර ගෝරිවලටත් ආසකරන මේ ඇමැති තැන පිටවෙලා යනකොටත් මල පැනල හිටපු මන්ත්‍රීතුමිය ඇයි යන්නෙ ඔහෙම ඉන්නව කියමින් ඝෝෂා කළාලු.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00