2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

තීන්දුව අහෝසියි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 519

සුළු ජාතික පක්ෂයකින් පත්වූ නැගෙනහිර පළාත නියෝජනය කරන මන්තිරිල කස්ටියක් තමන්ගෙ පක්ෂ තීන්දුවට පිටින් ගිහින් පසුගිය අයවැය ඡන්දයේදී ආණ්ඩුවට පක්ෂව තමන්ගෙ ඡන්දය දුන්න...

ඔන්න ඒ ගමන පක්ෂයේ බලවත් උත්තරීතර මණ්ඩලේ කස්ටිය රැස්වෙලා එයාලගෙ පක්ෂ සාමාජිකත්වය තහනම් කළේ විනය පියවර ගන්න කියල තීන්දුවකුත් අරගෙනමයි.

ඒ වුණත් ඔය විනය පියවර ගැනීමේ තීන්දුව ආපහු රිවර්ස් කරගන්න මේ පක්ෂ නායකයො ඊයෙ පෙරේද රහසිගත තීන්දුවක් ගත්තලු... ඒකට හේතුව තරමක් අමුතු එකක් කියල ඔය කියන කොංග්‍රස් පක්ෂයෙ ලොකු කස්ටිය කියනව...‍

නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා ආණ්ඩුවට සහය දෙන්න මේ මන්ත්‍රීල ගත්ත තීන්දුවට පළාතෙ මුස්ලිම් ජනතාවගෙන් කිසිම විරෝධයක් එල්ල නොවීමලු විනය පියවර රිවර්ස් කරන්න බලපෑ ප්‍රධාන හේතුව...

නැගෙනහිර පළාතෙ ඡන්දය දුන්න ජනතාව මේ මන්ත්‍රීලගෙ තීන්දුවට විරුද්ධ නැත්නම් අපි නිකම් කොළ ඉරාගන්නෙ මොකටද කියල කියමින්ලු. ඒ පක්ෂයෙ නායකයා මන්ත්‍රීලට ගන්න ගිය විනය පියවර තීන්දුව දියාරු කරන්න කටයුතු කළේ. මේ කතාව දැන් ඒ පක්ෂය ඇතුළෙ ප්‍රසිද්ධ රහසක් බවත් ආරංචියි....