2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

මුට්ටිය දැමීම

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 604

දැනට ආණ්ඩුවෙ වාඩිවෙලා ඉන්න... හිටපු එක්තරා දේශපාලන ලොක්කෙක් සැරින් සැරේ එක එක මුට්ටි දාලා තමන්ට තව චාන්ස් එකක් තියෙනවද කියල බලන්න පටන් අරන්ලු.

උන්නැහේගෙ අලුත්ම මුට්ටිය තමයි සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍ය එක්ක දාන්න යන මුට්ටිය.

ඒකට සැරසෙන්න පසුගිය දවසක මෙයා කොළඹ ආවම නවතින සුපිරි මන්දිරේට සමාජ මාධ්‍ය ලොක්කො පිරිසක් කැඳවල තිබුණ. රාත්‍රී භෝජනයකුත් සුපිරියටම ලෑස්ති කරල තිබුණ බවයි තතු දත් අය වැඩිදුරටත් කියන්නෙ. පැමිණ සිටි මාධ්‍ය කස්ටියගෙන් කොහොමද ආණ්ඩුව කියල මුලින්ම ප්‍රශ්න කළ උන්නැහේ එයාලට සලකළ එක ඉල්ලීමක් කෙරුව....

ඒ ඉල්ලීම තමයි තමන්ගෙ, පාලන කාලෙ පළවෙනි අවුරුදු දෙකයි ගෝඨ පාලනයේ පළමුවැනි අවුරුදු දෙකයි සංසන්දනය කරල සමාජ මාධ්‍ය විග්‍රහ ප්‍රවෘත්ති ලිපි එහෙම පළ කරන්න කියන එක...

අදට වඩා එදා හොඳ නැත්ද කියලත් උන්නැහේ පැමිණ සිටි අයගෙන් ඇහුව බවත් ආරංචියි. ඒ මාධ්‍ය කස්ටිය මුන්නැහේ එක්ක සුහදව කතා කරල කාල බීල යන්න ගියත් කිසිම කෙනෙක් එයාගෙ ඉල්ලීම ඉටුකරන්න පුළුවන් කියල පොරොන්දු වුණේ නැතිලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00