2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

එතුමාට එපාලු

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 569

ආණ්ඩුවෙ වැඩිය සද්ද බද්ද නොකරන ඇමැති කෙනකුට තමන් යටතේ තිබෙන එක්තරා ආයතනයක සභාපති තැන එක්ක කිසිසේත්ම වැඩකරන්න බැහැ කියල ඉහළට පැමිණිලි පිට පැමිණිලි ඉදිරිපත් කරල....

මහ පොළොවට සම්බන්ධ මේ ආයතනය ඇරුණාම ඔය ඇමැතිතුමාට පවරල තිබෙන්නෙ තවත් ආයතන දෙකයිලු...

ඉතින් මහ පොළොවෙ වැඩ භාර සභාපති තමන් පසුගිය කාලෙ ආණ්ඩුවට බලයට පත් කරන්න මහන්සි වුණ වියතෙක් කියල ඇමැති දෙන නියෝග ඉල්ලීම් කිසිම දෙයක් ගණන් ගත්තෙ නැතිලු... මම වග කියන්නේ රටේ ලොකු මහත්තයට විතරයි කියලලු උන්නැහේ කියන්නේ....

මේ ගැන කලකිරීමටත් කේන්තියටත් පත්වුණ ඇමැතිතුමා දැනට තමුන් යටතෙ තියෙන මේ ආයතනය රටේ මහ කන්තෝරුවටම පවරාගන්න කියල ඉල්ලීමක් දැනටමත් කරපු බවයි තතු දත් අය කියන්නෙ. අත පාටිය නියෝජනේ කරන මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා දකුණෙන් ඇවිත් රටේ පරිසරය රකින්න යම් යම් වැදගත් තීන්දු ගත්ත කෙනෙක් බවත් ආරංචියි.