2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

මහ පුටුවට යන ගමන්

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 591

කළුතර පැත්තේ ඉන්න දුරකථන පාටියේ කෙනෙක් රටේ මහපුටුව ගැන හීන මවමින්ලු ඉන්නේ. මෙයා ඒ හීනේ ඉන්න ගමන් එයා හතර වටේටම නෙලාගෙන නෙලාගෙන යන්නත් අමතක කරන්නේ නෑලු. ඒකට හේතුව මෙයා එන්නේ මේ හැමෝගෙම වැරදි නිවැරදි කරන්න කියලා වගේ එකක් කියාගෙනලු. කොහොම වුණත් ටෙලිෆෝන් පාටිය ඇතුළේ ඉඳලා කට්ටිය විවේචනය කරපු එකට ඇතුළේ සෙට් එකට යකා වැහිලලු ඉන්නේ. මේ නිසා පහුගිය දවසක පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී මෙයාට ඇතුළේ තරුණ මන්ත්‍රීවරු ටික ලෙඩේ ඇද්දලු. මේක අහගෙන හිටිය පක්ෂයේ ලොකු තැනක් අවවාද කරලා කිව්වේ ඒ වගේ විවේචන එළියේ කරන්න එපා කියලා. මේ සියල්ල අහගෙන හිටිය මෙයා කිව්වලු ඒක හිතලා කිව්වේ නෑ සමාවෙන්න කියලා.

කතාව ඉවර වෙලා මෙයා පාර්ලිමේන්තු ඇතුළට ගියාලු. ගිහින් එයාගෙ වෙලාව ආපු ගමන් මෙයා නැගිටලා කිව්වලු ටෙලිෆෝන් පක්ෂයේම වත්තල පැත්තේ වැඩකාරයෙක්ව පෙන්නලා, මෙයා අහක යන තොප්පියක් දාගත්තා කියලා. එහෙම කියල තව තවත් දොස් පරොස් කිව්වලු. එහෙම කියලා පක්ෂයේම අයට ලැජ්ජ කළා කියලයි ආරංචිය. දැන් මෙයාගේ මේ බෙලි කපන වැඩ ගැන පක්ෂයේ ලොක්කට කට්ටිය කියලලු තියෙන්නේ. එක්කෝ මෙයාගෙ කට වහන්න නැත්තන් පක්ෂයෙන් යවන්න කියලා. එහෙම නැති වුණොත් එයා එක්ක ප්‍රශ්නය විසඳගන්නම් කියලත් කියලලු තියෙන්නේ.