2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

ලොකු පොඩි සටනක්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 738

ලංකාවම බලාගන්න සුව මැඳුරේ එන්න එන්න ප්‍රශ්නලු. ඒකට හේතුව සුව ඇමැතිට විරුද්ධව තවත් ඇමැති කෙනෙක් ගතු කීමලු. සමහර මිලදී ගැනීම්වලට පොඩි සුව ඇමැති කටයුතු කරද්දි ලොකු සුව ඇමැති එක එක පෝරියල් දානවා කියලයි ආරංචිය. ඒකට හේතුව දෙන්නගේ තිබෙන පරණ කෝන්තරය නිසාලු.

කොහොම හරි ලොකු සුව ඇමැති කියලා තියෙන්නේ සමහර අය එක්ක දේශපාලනයෙන් තැම්බුණු එයාව මේ පොඩි හාදයට රිද්දන්න අමාරුයි කියලා. වැඩිය රිද්දන්න ආවොත් යන්නේ කොරහා බිඳගෙන කියලයි එයා කියලා තියෙන්නේ. කොහොම වුණත් තමන්ට වැඩ කරන්න බැරි නම් මේ කැබිනට් පට්ටම දීල ගෙදර යන්න එයා කිසිම වෙලාවක දෙවරක් හිතන්නේ නෑ කියලත් කිව්වලු. මේ වෙද්දි වැඩේ කොච්චර දුරට ගිහින්ද කියනවා නම් ලොකු ඇමැති රටේ දෙවැනියට ගතු කියලා, පොඩි ඇමැති රටේ ලොකු තැනටම ගතු කියලා කියලයි ආරංචිය.