2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

කතාව ගොතලලු

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 586

පසුගිය දවස්වල රටේ ලොකු මහත්තය නියෝජිත පිරිසක් එක්ක යුරෝපයේ එක්තරා ලන්තයක තිබුණු සමුළුවකට ගියා...

ඒ සමුළුවට ගිය නියෝජිත පිරිසෙ හිටපු එක්තරා ඇමැති සයිස් මහත්තයකුයි උන්නැහේගේ අමාත්‍යංශයෙ ලියන මහත්තයයි අතරෙ ආරවුලක් සිද්ධවෙලා ලොකු හුටපටයක් වුණායි කියල නොයෙක් මාධ්‍ය ජාලාවල තොරතුරුත් පළ වුණා.

ඇත්තටම එහෙම දෙයක් සිදු නොවූ නිසා ඒ පුවත් දැකල ඇමැතියි ලේකම් තැනයි සිද්ධ නොවුණු දෙයක් මේ විදියට පුවතක් බවට පත්වුණේ කොහොමද කියල ගැඹුරින්ම හොයල බැලුව...

කාරණා කාරණා සොයාගෙන යනකොට ඇත්ත කතාව හෙළිදරව් වුණා. ඒ අනුව මේ කතාව ගොතල තියෙන්නෙ යුරෝපය පැත්තෙම තියෙන කන්තෝරුවකින්ලු.

එතන ඉන්න එක්තරා බලවත් කෙනෙක් මේක පිටිපස්සෙ ඉන්න බවත් කියැවෙනව...

රටේ ලොකු මහත්තයත් එක්ක එයාට මේ සමුළුවට යන්න විදේශ අංසෙ කස්ටිය ඉඩ නොදුන්න නිසා ඒ තරහට ඇමැති ලේකම් ආරවුලක් ගෙතුව බවටත් තොරතුරු වාර්තා වෙලාලු...

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00