2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

බලවත් පොරක්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 810

අලි පාටියේ වැඩ ටික හැමෝටම වඩා මැදිහත් වෙලා කරන්නේ ගාල්ල පැත්තේ දේශපාලන පින්වතෙක්ලු. එයා හැමතැනම හැමදේටම මැදිහත් වෙනවා කියලා ඇතුළේ කීප දෙනෙක්ම විරැද්ධ වෙලා කියලයි ආරංචිය. එයා කරන සමහර දේවල් පක්ෂයේ ඉහළ අයයි ආසනවල අයයි දන්නෙත් නෑලු. මේ නිසා කනින් කොනින් දැන් එයාට විරැද්ධව පැමිණිලි එන්න අරන් කියලත් ආරංචියි.

කොහොම වුණත් මේ මොන පැමිණිලි ආවත් පක්ෂයේ ලොකු තැනට එයා ගැන හොඳ හිතක්ලු තියෙන්නේ. ලොකු තැන හිතන්නේ පක්ෂය ගොඩදාන්න පුළුවන් එකම කෙනා එයා කියලලු. මේ නිසා මොන පැමිණිලි ආවත් එයාට නිදහස දෙන්න ලොකු තැන තීන්දු කරලා. ඒ විතරක් නෙමෙයි ඒ නිදහසෙන් එයත් උපරිම ප්‍රයෝජන ගන්නවලු. මොකා කිව්වත් එයා ගණන් ගන්නෙ නෑලු. එයාට ඕන දේ කරනවා කියලයි ආරංචිය. මේ විරෝධය තව ඉස්සරහට තව දෙගුණ තෙගුණ වෙයි කියලා හැමෝම බලන්ලු ඉන්නේ. ඒ මොනවත් නිසා නෙමෙයි මෙයා යහපාලන කාලයේ කරපු සමහර දේවල් නිසාලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00