2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

දඩයක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨය කියන ඇමැති සයිස් මහත්තුරු හතර පස් දෙනෙකුට මාර දඩයක් ගහල කියල කතාවක් යනවා... මේ දඩේ ගහලා තියෙන්නෙ වෙනින් කවුරුවත් නෙවෙයි ආණ්ඩුවෙන්මයි...

අපට ආරංචි විදියට දඩය මුදලින් රුපියල් ලක්ෂ 50ක්ලු... එක ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙකුගෙන් ලක්ෂ 50 බැගින් ඉල්ලල තියෙන්නෙ ආණ්ඩුවෙ මැයි දිනේ සංවිධාන කටයුතුවල බර පැනවලට කියලයි තතුදත් අය කියන්නෙ.

ජ්‍යෙෂ්ඨ නොවන ඇමැතිලටත් දඩේ වලංගු වුණාට උන්නැහේලාගෙ දඩ මුදල ඒ හැටි ගාණක් නෙවේලු. ඉතින් ජ්‍යෙෂ්ඨ කස්ටිය දැන් තැන තැන කසු කුසුගාන්නෙ කොහොමද මේ අලි දඩේ ගෙවන්නෙ කියලා පොඩි ගාණක් ද ලක්ෂ 50ක් නේ?

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00