2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

පට්ටම් දෙකම එපාලු

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 849

දැනට තමන් දරණ ලැයිස්තු මන්ත්‍රී පට්ටමයි ඇමැති පට්ටමයි දෙකම එකපාරට එපාවෙච්ච ආණ්ඩුවෙ වැදගත් මහත්තයෙක් ඉන්නව... එයා එහෙම යන්න හේතුව කලක් උන්නැහේට බරපතළ චෝදනා කරපු කෙනෙක් උන්නැහේගෙ විෂයට අදාළ බලවත්ම කොමිටියක සභාපති කරපු නිසාලු..

මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවෙ ලොකු අය සමඟ කතා බස් කරල විසඳුමක් ලබාගන්න මුන්නැහේ මුලින් උත්සාහ කළාලු... ඒත් ඒ හමුවීම්වලට වෙලාව ලැබිල නැති නිසා එයා විශාල කලකිරීමකට පත්වෙලා රටේ දෙවැනි මහත්තයටයි දියවන්නාවෙ ලොකු මහත්තයටයි දෙන්නටම තමන්ගෙ ප්‍රශ්නය කියල. තමන් මේ ඇමැති පට්ටමින් ඉවත් වන බවත් දන්වල...

ඊට පස්සෙ උන්නැහේ තමන්ගෙ කන්තෝරුවෙ ඉන්න සමීපතම කස්ටිය ගෙනල්ල රාත්‍රී භෝජන සංග්‍රහයකුත් තිබ්බලු. ඒ තමන් වෙනුවෙන් ගිය වසර දෙකක කාලය තුළ කරපු සේවාවට ස්තූති කරන්නය කියලයි ආරංචි...

එතෙන්දි උන්නැහේ තමන්ට මේ ජොබ් එක එපා වුණු හේතුව හිතවතුන්ට කියල තිබෙනව. මේ සති අන්තයෙ රටේ ලොකු මහත්තය හමුවෙලා උන්නැහේට අස්වීමෙ ලියුම් කියුම් බාරදෙන බවයි මෙතනදි අඟවල තිබෙන්නෙ...

එහෙම ගිහිල්ල තමන්ට පරණ පුරුදු කළු කෝට් රස්සාවටම බහින බවත් කියල.. තමන්ට විශාල ආර්ථික වාසි තිබුණු ඒ රස්සාවත් අත්හැරල රටට වැඩ කරන්න ආවට අන්තිමට ඉතුරු වුණේ කලකිරීම කියලත් තම හිතවතුන්ට එයා කිව්වෙ කනගාටුවෙන්ලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00