2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

ඒක කළේ කවුද?

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 551

දුරකථන පාටියේ තනතුරුවලින් අයින් වෙනවා කියල දෙන්නෙක් දුන්න ලියමන කොහොමද එළියට ගියේ කියල ඒ පක්ෂයෙ හැමෝටම ප්‍රශ්නයක්ලු. දැන් මේක ගැන කට්ටිය හැමතැනම හොයනවලු කවුද මේක එළියට දුන්නෙ කියල. මේක පක්ෂයේ ලේකම් තැන දුන්නා කියල හිතුවට එයා දීලත් නෑලු. මොකද එයාගෙන් අහන හැමෝටම කියල තියෙන්නේ එහෙම ලියමනක් දුන්නෙ නෑ කියල. කොහොම හරි මේ ගැන රහස් පරීක්ෂක වැඩක් කරනකොට දැන් සැකයක් ඇවිල්ලලු කෙනෙක් ගැන.

මේ ලියුම දෙන වෙලාවේ ඉඳල තියෙන්නේ දෙන කෙනයි, පක්ෂයේ ලේකම් තැනයි, දකුණු පළාතෙ කරුණාවන්ත දේශපාලකතුමෙකුයි. මේ ලියුම එයා දැක්කා කියලයි ලියුම දුන්න අය කියන්නේ. මාධ්‍ය එක්ක ලගින මෙයාට ඒක එළියට දෙන එක නම් කජ්ජක් නෙමෙයි කියලයි කට්ටිය හිතන්නෙ. ඒත් තවම මේක කළේ එයාමයි කියලා ඇඟිල්ල දික් කරන්න සාක්ෂි ලැබිල නැතිලු. එහෙම සාක්ෂි සොයමින්ලු කස්ටිය ඉන්නෙ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00