2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

ගෝරියට හේතුව

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 793

මේ දවස්වල ටැලිෆෝන් පාටියත් එක්ක ඔට්ටුවෙන මන්තිරිල දෙන්න කරළියට ඇවිල්ලම යුද්ධ ප්‍රකාශ කරන්න පටන් අරන්...

මේ අවුලට ඇත්ත හේතු ගණනාවක් තියෙනවලු.. ඒත් ඒව තවමත් හරියට එළියට ඇවිල්ල නැහැ කියලයි කියැවෙන්නෙ.
නමුත් ඊයෙ පෙරේදා ගෝරියට සම්බන්ධ එක මන්තිරි කෙනෙක් ප්‍රසිද්ධියෙ කිව්ව මිණිපුරේ ආසනේකට (ලොම් හැලිච්ච) පරණ පොරක් ගේන්න යනවය, ඒකට තමන්ලා දැඩි විරෝධය පළ කරනව කියල.

මේ කතාව කිව්වට පස්සෙ සමහරු සොයන්න පටන් ගත්ත කවුද මේ ලොම් හැලිච්ච තැනැත්තා කියල...

අපට ආරංචි විදියට එයා එක්තරා (නිලමෙ) කෙනෙක්ලු. කලක් අලි පාටියෙන් දේශපාලනේ කරල මැති ඇමැතිකම් දරල පස්සෙ පොහොට්ටුවට ගිහිල්ල ඈත පළාතකින් ඡන්දෙ ඉල්ලල කලක් මන්ත්‍රී වෙලා ඊට පස්සෙ පැරදිච්ච කෙනෙක්ලු... උන්නැහේට පොහොට්ටුවෙ අය දැන් සලකන්නෙ නැති නිසා ටැලිෆෝන් එකට ටැලිෆෝන් කරන්න පටන් අරන්ලු. ඒ අනුව උන්නැහේගෙ ගම් පළාත වන මිණිපුරේ ආසනයක් එයාට නැවත දෙන්න යනවය කියල කතාවක් යනව... 

මේ මන්ත්‍රීලගෙ ගෝරියට ඒක ප්‍රධාන හේතුවක්ලු. ඊට අමතරව දිස්තිරික් නායක නෝනගෙ ගැටලුවකුත් තමන් කියන අයට සංවිධායකකම් නොදීමත් තවත් අර්බුදයක්ලු...

මේ අර්බුද වවන්න ඒ අයට උදව් පදව් කරන්නෙ දියවන්නාවෙ ඉන්න තවත් මන්තිරි නෝනා කෙනෙක් බවත් කියැවෙනව. එයා පසුගියදා ටැලිෆෝන් එකේ ඉඳල එළියට වැටුණු කෙනෙක් බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00