2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

එයා හිටියොත් බැරිලු

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 817

ලබන අවුරුද්දෙ තියන්න හදනවය කියන පළාත් බබාලගෙ ඡන්දෙදි ආණ්ඩුවට තිබෙන වාසි අවාසි ගැන ඉහළ පෙළේ පොහොට්ටු ලොක්කො අතරෙ සංවාදයක් ඇතිවුණා.

මෙතෙන්දි එක එක පළාත් සභාව ගැන වෙන වෙනම කතා කළා... ඒත් එතෙන්දි වැඩිපුරම අවධානෙට ලක්වුණේ ඉර පායන පැත්තෙ තියෙන පළාත් සභාවක් ගැනයි...

ඒ ගැන කතා කරන්න ආපු පළාතෙ දේශපාලන ලොක්කො කිව්වෙ ඒ පළාතෙදි පොහොට්ටුව සාර්ථක ඡන්ද සටනක් කරන්න ඕන නම් පළාතෙ එක්තරා මහ පුටුවක් වෙනස් කරන්නම ඕනය කියලලු.

දැනට මේ පුටුවෙ අසුන්ගෙන ඉන්න (යහපත්) කෙනා මහජන නියෝජිත හඬට කන් නොදී කටයුතු කිරීම ගැන පොහොට්ටුවෙ නිර්මාතෘට ඒ අය පැමිණිල්ලකුත් කළා.

ඊට පස්සෙ පොහොට්ටුවෙ නිර්මාතෘ උන්නැහේ රටේ මහ කන්තෝරුවට ගිහිල්ල ලොකු මහත්තය හම්බවෙල ඉර පායන පැත්තෙ පළාත් සභාව ගැන එහේ මැති ඇමැති ගොල්ල කියන අදහස් වගේම උදහස් ගැනත් දැනුම් දීල වහාම ඔය පළාත් මහ පුටුවෙ ඉන්න (යහපත්) එක්කෙනා තවදුරටත් හිටියොත් පළාත් සභා ඡන්දෙ හබක් වෙයි කියල අනතුරු ඇඟවීමක් කළ බවයි ආරංචි.