2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

එන්නෙ නැතිලු

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 612

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් තියන්නලු දුරකථන පාටියේ අය ලෑස්ති වෙන්නේ. වැඩේ සංවිධානය කරන්නේ කොයිවෙලෙත් පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් කතා කරන සෙට් එකක්ලු. ඒත් මේ පාර උද්ඝෝෂණයට ඒ පාටියේ කීප දෙනෙක් එන්නේ නෑ කියලා ඒ අය කලින්ම දැනුම් දුන්නලු. හේතුව පක්ෂයේ ලොකු තැන් ආණ්ඩුවට එරෙහිව ගෙන යන සීතල ප්‍රතිපත්තියලු. ඒ නිසා ඒ අකැමැති අය කිව්වෙම ලොක්කො ආවට කිසිම අරමුණක් නෑ අරමුණක් නැති ඒවට අපි එන්නේ නෑ කියලා.

ඒ හඬවල් ආවෙම රත්නපුරෙන්, බණ්ඩාරවෙලින්, ගාල්ල, ගම්පහ වගේ පැති වලින්ලු වැඩිපුරම. ඒ අය කිව්වලු ඒ අය පළාත් සභාවල සහ පළාත් පාලන අය එක්ක ජනතාවගේ සැබෑ දුක වෙනුවෙන් පාරට බහිනවා කියලා. කොහොම වුණත් පක්ෂයේ කාටත් පැත්තක් නැතිව ඉන්න, මේ උද්ඝෝෂණය ප්ලෑන් කරන අය දැන් ලොකු අවුලකලු ඉන්නේ මේවා ලොක්කට කියන්න බැරුව. මොකද දැන් දැන් සමහර කට්ටිය පක්ෂයේ වැඩවලින් ඈත්වෙන නිසා.