2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

උපදේශක තැන

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 825

දවාලෙ පායපු චන්ද්‍රයා වගේ ඉන්න ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් කරන කියන වැඩ ගැන ආණ්ඩුවෙ ඉහළට පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්න පටන් අරන්ලු.

ආණ්ඩුවෙ දේපොල තමන්ගේ දේපොල වගේ උන්නැහේ ආරක්ෂා කරනවය කියලයි කියන්නෙ. සමහර දේපොල දන්දෙන්නෙ දාන පාරමිතාව පුරන්න සූදානමින් වගෙයිලු...

කොහොම නමුත් උන්නැහේ ඊයේ පෙරේදා තමන්ගේ කන්තෝරුවේ ඉහළ මට්ටමේ උපදේශක පට්ටමකට පත්කරන්න පොරක් තෝරගෙනලු. ඒත් මේ නම ආණ්ඩුවෙ මහ කන්තෝරුවට වාර්තා වුණාම ඒ ගැන ගින්නක් පත්තුවෙලා කියලයි ආරංචි.

මේ උපදේශක තැන ගිය ආණ්ඩු කාලෙ පොහොට්ටුවෙ කස්ටිය මහඋළු ගෙදරට යැවීමේ වැඩසටහනේ  නිර්මාතෘවරයෙක්ලු... ඒ කාලේ බැකප් - පිකප් දාගෙන එහෙ මෙහෙ ගිය උන්නැහේල කොටුකරපු සමහරු නඩු හබවලට පැටලුණේ හේතු රහිතවය කියල පැමිණිලි කරල...

එහෙම තියෙද්දී මුන්නැහේට ලොකු පට්ටමක් දෙන්න ඇමැති සයිස් මහත්තය තීන්දු කළේ තමුන් කරන වැඩ තමුන් දන්න නිසා මතු ආරක්ෂාව තකාය කියලයි ආණ්ඩුවේ ලොකු තැන්වල සමහර උදවිය කියන්නෙ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00