2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අවුලක්!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 605

දුරකථන පාටියේ ලොකු තැනට එන විරෝධය ගැන පහුගිය දවසක පක්ෂයේ මන්ත්‍රී කස්ටිය කතාවුණාලු. ඒ කතාව අනුව කියවුණේ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු කලකිරීමෙන් හිටියට එකේ වාසිය දුරකථන පාටියට නෑ කියලා. ඒකට හේතුව වැඩපිළිවෙළක් නැතිකම තමයි කියලලු මේ සැට් එක කතාවුණේ. කොහොම වුණත් මෙහෙම ගියොත් මේ ඉන්න මිනිස්සු ටික කට්ටියක් අලියටත් තවත් කට්ටියක් සීනුව පැත්තටත් හැරෙයි කියලා මේ අය කිව්වලු.

මේ අතර තවත් කට්ටියක් යෝජනා කළාලු ලොකු තැන ළඟින් සටන්කාමී උස එක්කෙනා හිටවන්න. එයා කොළඹින් ඡන්දය ඉල්ලපු යකඩ මිනිහෙක්. ඒ නිසා එයාව කරළියට ගේමු කියලා. ඒත් එතන ඉන්න අය කිව්වේ එයා නම් කවදාවත් ලොකු තැන එක්ක එකට හිටගන්නේ නෑ කියලා දැනුම් දීලලු තියෙන්නේ. අන්තිමේ කට්ටිය කතාව ඉවර කළේ මෙහෙම ගියොත් අපිට හරිපාර සොයාගන්න බැරිවෙයි කියලා. මේ කතාවට බණ්ඩාරවෙල, රත්නපුරේ, ගම්පහ, කළුතර වගේ පැතිවල ඉන්න මන්තිරි කට්ටියක් සහ හිටිය මන්ත්‍රී කට්ටිය හිටියලු.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00