2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ගැලවුණේ මුල්ගලක්ලු

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 392

ඊයේ පෙරේදා අත පාටියේ මන්ත්‍රී පට්ටම් දරන හත්අට දෙනෙකුගෙ සංවිධායකකම් අහෝසි කළා... එයින් එක මහත්තයෙක් පක්ෂයේ ඉතාම ජ්‍යෙෂ්ඨ උරුමක්කාරයෙක් කියලත් ප්‍රසිද්ධයි. ඉතින් මේ අස්කිරීම ගැන ඒකාබද්දෙ ඉන්න ලොකු ලොක්කො ටිකක් දුක්මූඩ් කතාවකට වැටිල හිටිය...

ඒ කතාවෙදි හෙළිවුණ එක්තරා තොරතුරක් නිසා රැස්වීමෙ හිටපු හැමෝම තක්කු මුක්කු වුණාලු...

ඒ තොරතුරේ හැටියට යහපාලනේ පිහිටුවන්න මෛත්‍රීතුමා තීන්දු කළාට පස්සේ මුලින්ම උන්නැහේට සහාය දෙන්න ගෙදර මීටිමක් තියාපු කෙනෙක්ලු දඹුල්ලෙ කවි පුතා ඒත් ටික කලකින් යහපාලනේ ගැන කලකිරුණු උන්නැහේ හිටපු ලොකු තැනට සමීප වුණා, ඒකෙ වාඩුව ගන්න මේ පාර සංවිධායක පට්ටමට තට්ටු කළා කියලා ඒකාබද්දෙ හිටපු කස්ටියගෙ කසු කුසුවෙදි හෙළිදරව් වුණා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00