2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

මන්ත්‍රී වාසනාව

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 565

ආණ්ඩු පක්ෂයේ ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් පුරප්පාඩු වුණේ නිවාඩ් උන්නැහේ ආයෙමත් මහ බැංකුවට යන්න තීන්දු කරපු නිසා... මේ පුරප්පාඩුව ඇතිවුණා විතරයි ඒ පට්ටම ලබාගන්න කිහිපදෙනෙක්ම තිරය පිටුපස ගේමක් ගැහුවා...

මෙයින් ලොකුම සටන දුන්නෙ රතු පාටියකුයි වතු පාටියකුයි කියල තමයි ආරංචි...

රතු පාටියෙ ඉහළම පට්ටමක් දරන දොස්තර උන්නැහේ කෙනෙකුට මේ පට්ටම ලැබිය යුතුයි කියල රතු පාටියෙ ඉන්න උදවිය ඉල්ලීම් ගණනාවක් ආණ්ඩුවෙ ඉහළම තැන්වලට ඉදිරිපත් කළා...

ඒ අතරෙ උඩරට වතු පාටියෙනුත් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ වතුකරේ රජ පවුලෙ පට්ටමක් නැතුව ඉන්න තවත් &මෑන්* කෙනෙකුට මේ පට්ටම ලබාදෙන්න කියලයි... මේ මෑන් මීට කලින් පළාත් සභාවල වැඩ පෙන්නපු කෙනෙක්ලු. ඉතින් මේ දෙගොල්ලන්ගෙ සටන මැද්දෙ තවත් සමහර නම් ගම් කරළියට එන්න පටන් ගත්තෙ මාධ්‍යය හරහායි....

මේ සටන නිසා නිවාඩ් උන්නැහේ අස්වෙනවාත් එක්කම පුරප්පාඩු පිරවීමට පොහොට්ටු කස්ටිය තීන්දු කළා... ඒ අනුව කිසිම සටනක් නොදී පැත්තකට වෙලා හිටපු කැටේට නැවතත් මන්ත්‍රී වාසනාව උදාවුණා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00