2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ජේ.ආර්.ට පස්සෙ කවුද?

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 598

දේශපාලනේ කෙළ පැමිණි ජේ.ආර්. උන්නැහේගෙ නම කලකට පසු අපේ හිටපු ලොකු තැන වන මෛත්‍රීතුමාට මතක් වෙලා... ඒ ගැන උන්නැහේලගෙ මන්තිරි කණ්ඩායම එක්ක කතා කළා කියල ආරංචියි...

ජේ.ආර්. උන්නැහේ උපායශීලී දේශපාලනේ ඉගෙන ගත්තෙ ඉන්දියාවෙ කෞටිල්‍යගෙන් හා යුරෝපෙ මැකියවෙල්ලිගෙන් කියලත් මතක් කරල ඊළඟට හිටපු ලොකු තැන තමන්ගෙ කස්ටියට කිව්වෙ ජේ.ආර්.ට පස්සෙ මේ විදියට උපාය උපක්‍රම පාවිච්චි කරන කෙනා දන්නවද කියලයි. 

සතුරන් මිතුරු කර ගැනීම, සතුරන් තව තවත් සතුරු කිරීම, මිතුරන් අත් නොහැරීම, පැරණි තරහ අමතක කිරීම ආදී ගුණාංග ඉහළින් ප්‍රගුණ කරපු නායකය කවුද කියල මෛත්‍රීතුමා තමන්ගෙ කණ්ඩායමේ මැති ඇමැති කස්ටියගෙන් ඇහුව...

ඒ ප්‍රශ්නය ඇහුව විතරයි කාටත් හිනා ගියා. හැමෝම උත්තරේ දැනගෙන හිටියත් නිහඬව උත්තර නොදී ඉන්නකොට මෛත්‍රීතුමාම උත්තරේ කියල. උන්නැහේ ජේ.ආර්. කියවපු පොත් කියවල තිබුණද කියල මම දන්නෙ නැහැ.

හැබැයි උන්නැහේගෙ වැඩවලට ජේ.ආරුත් පරාදයි කියල කිව්ව... හැබැයි අපට ඒ කිව්ව නම නම් මෙතන ලියන්න බැහැ... ඒකට හේතුව ඒ කියපු නම අයිති කෙනා තවමත් කරළියේ ඉන්න නිසයි.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00