2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

මාර නිදහසක්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 594

ආණ්ඩුව රාජසන්තක කරපු සීනි කන්ටේනර් තොගයක් වෙනුවෙන් රජයට ලැබෙන්න තිබුණ ගතමනාව අත්හැරල ඒව ගෙන්නපු අයටම දීල කියල සීනි ගෙන්නන කස්ටිය සතුටින් ඉන්න බව ආරංචියි.

මේව සත විසිපහේ බද්දට යටත්ව ගෙන්නල එකට එකක් ගාන කපන්න ගොඩගහගෙන හිටපු ඒවලු...

ඒත් මේව ආණ්ඩුවට අරන් ස.තො.ස. වගේ තැනකින් විකුණන්න හදනකොට ඒ අයට විෂයභාර බලධාරියො කිව්වෙ ඔය ගෙවන්න තියෙන ගාස්තු අරව මේව ගෙවල ගෙනියන්න කියලලු... ඒ හින්ද ස.තො.ස. වැඩේ අත්ඇරල දැම්ම....

ඊටපස්සෙ මේ තහනම් කන්ටේනර් භාරව හිටපු ආයතනයේ ලොකුම බලධාරියගෙ උනන්දුව මත කන්ටේනර් සීල් කරල ඉතිහාසෙ පළමු වතාවට යතුරු තුනක්ම දැම්මලු...

එහෙම දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව පෙන්නල තියෙද්දී මේක සාධාරණ විදියට බේරල ජනතාවට සහන මිලට සීනි දෙන්න මුදල් අංසෙ ලොකු මහත්තය වැඩ කරද්දි ඊට කළින් වැට පැනපු දේශපාලන ක්ෂේත්‍රයෙ එක්තරා නිලමෙ කෙනෙක් ගාස්තු හෝ දඩ නැතුව බඩු ගෙන්නපු අයටම දුන්න කියල කතාවක් යනව. ඒක දැන් ඉහළටම වාර්තා වෙලා... 

ඒ ගැන මහා මණ්ඩලයේ සාකච්ඡාවකුත් වුණාලු... එතෙන්දි කියැවුණ හැටියට ගෑස්කාරයට වෙච්ච දේ මේකට වගකිවයුත්තටත් වෙන්න පුළුවන් කියලලු.