2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

දොස්තර මහත්තයාගෙන් කළ අපූරු ඉල්ලීම

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 995

උන්නැහේ මේ රටේ ඉන්න සුප්‍රකට දොස්තර මහත්තයෙක්. බොහෝම ගරු කටයුතු සේවාවක් කරන අතිදක්ෂ වගේම කාගේත් ගෞරවය දිනාගත්ත කෙනෙක්... එතුමා මේ ආණ්ඩුවෙ සෞඛ්‍ය අංශයෙ ඉහළම ආයතනයක ප්‍රධානියා හැටියටත් වැඩ කරන්නෙ රටේ ලොකු මහත්තයගෙ බලවත් ඉල්ලීම නිසාමයි.

ලොකු ගනුදෙනු සිද්ධ වෙන මේ ආයතනයට උන්නැහේ වගේ ඉතා අවංක කෙනෙක් අවශ්‍ය නිසයි වදෙන් පොරෙන් එතුමාට මේ වගකීම පංගාර්තු කළේ...

නමුත් කතාව ඒක නෙවෙයි... තමන්ගෙ කන්තෝරුවෙ රාජකාරි ඉවර කරලා උන්නැහේ සේවය කරන නාරාහේන්පිට පැත්තෙ රෝහලට දිනපතාම සවසට යනවා... අමාරුම ලෙඩ්ඩුන්ගෙ සැත්කම් කරන්න.

රට වහන්න දවසකට දෙකකට කළින් උන්නැහේ සුපුරුදු විදියට මේ රෝහලට ගිහිල්ල සේවය කරලා ටිකක් රෑ වෙලා ගෙදර යන්න තමන්ගෙ මෝටර් රථය නවත්තලා තිබුණ රථගාලට ආවා...

එතෙන්ට දොස්තර මහත්තයා එනකොට හත් අට දෙනෙක්ගෙ පිරිසක් රැස්වෙලා උන්නැහේ එනකම් බලා සිටියා....

කුතුහලයෙන් දොස්තර මහත්තයා එයාලා දිහා බැලුවම ඒ ගොල්ලො ඇවිත් මේ දොස්තර මහත්තය වටකරගෙන දෑත් එක්කල වැන්දා. ඊට පස්සෙ මෙහෙම කිව්වා.

"අනේ බුදු සර්.... අපි මෙතන වාහන පාර්ක් එකේ ත්‍රීවීල් එළවන අය... අපි හැමෝම දවසට රුපියල් 500ක් දීලා ත්‍රීවීල් කුලියට අරන් තමයි දුවන්නෙ. ඒකෙන් කුලිය ගෙවල පවුල ජීවත් කරවනවා... අනේ සර් ඒක හින්ද රට නම් වහන්න දෙන්න එපා. ඔබතුමා රටේ ලොකු මහත්තයට අපිත් කිව්වා කියලම කියන්න. රට වැහුවොත් කොහොමද සර් අපි දරුවන්ට කන්න දෙන්නෙ..." කියලා දොස්තර මහත්තය හමුවේ එයාලගේ දුක් අඳෝනා කියන්න ගත්ත... එකපාරටම මෙහෙම වුණාම දොස්තර මහත්තයට එයාලට දෙන්න උත්තරයක් නැතුව ටික වෙලාවක් පුදුමයෙන් බලා හිටිය. ඊළඟට.....

"මම ඔයාලගෙ පණිවිඩේ දෙන්නම්. අපටත් තේරෙනව ඔයාලගෙ දුක..." කියලා මඳ වෙලාවක් සුහදව කතාබහ කරමින් ඉඳලා මේ 'ප්‍රසන්න' දොස්තර මහත්තය එතනින් පිටත්වුණේ හදවතේ විශාල බරකුත් දරාගෙනලු....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00