2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

රාජයෝග තියෙන දෙන්නෙක්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 966

රජරට පළාතෙ එක් දිස්ත්‍රික්කෙක රාජයෝග තියෙන නෝනලා දෙන්නෙක් ඉන්නවලු. එයින් එක්කෙනෙක් මේ රටේ මහ පුටුවටත් සම්බන්ධ වෙලා හිටපු පවුලක නෝන කෙනෙක්. අනෙක් එක්කෙනා ආණ්ඩුවෙ ඉහළම බලවත් නිලයක් දරන මහත්තයෙක්ගෙ නෝන කෙනෙක්.

කොහොම නමුත් රටේ මහ පුටුවට සම්බන්ධ වෙලා හිටපු පවුලෙන් එන නෝන තමන්ගේ වැයික්කියෙ වෙන කෙනෙකුට ලස්සෙට කොඩි දාන්න දෙන්නෙ නැහැ කියල දැනටමත් පාරම් බාන්න පටන් අරන්... කොහොම හරි මේ නෝනල දෙන්නම ඉදිරි මහ ඡන්දෙදි කවර හෝ පක්ෂයකින් පුලතිසි පුරේ පැත්තෙ ඡන්ද කොරන්නයි යන්නෙ. මේ දේශපාලන හුටපට කතාව මුලින්ම හෙළිදරව් වෙලා තියෙන්නෙ මේ නෝනල දෙන්නම යන සෑත්තර පලකින්ලු. ඒ සෑත්තර පළෙන් දෙන්නටම රාජ යෝග කතාවල් කියල දේශපාලනයට පාර පෙන්නලත් ඉවරලු. කොහොම නමුත් එකම දිස්තිරික්කෙන් මේ දෙන්නම සටනට ආවොත් ප්‍රබලම දේශපාලන පවුල් දෙකක් අතර හටගන්නා බල අරගලය මාර යුද්ධයක් වෙයි කියලා සමහරැ කියනව.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00