2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

ආසයි බයයි

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 565

ආණ්ඩුවේ ඉන්න කටකාර ඇමැතිතුමත්, පිවිතුරු ඇමැතිතුමත් වමේ ඇමැති තැනත් පහුගිය ටිකේ කරපු කියපු දේවල් එක්ක අළු යට ගිනි පුපුරු උඩට ඇවිල්ලලු. පසුපෙළ ඉන්න ආණ්ඩුවේ හාදයෝ ආයේ ටික ටික එකතු වෙමින්ලු යන්නේ මෙයාලට විරුද්ධව. හේතුව මෙයාලා වෙන ගමනකට ලෑස්ති වෙනවා කියලා ඇතුළේ පොඩි කසුකුසුවක් තියෙන නිසා. ඒ හින්ද ආයේ මේ දෙන්නට වාග් ප්‍රහාර එල්ල කරන්න පසුපෙළ අය ලෑස්ති වෙනවලු. ඒකෙ මුල්ම වෙඩිල්ල සාගර උන්නැහේ තමයි පත්තු කළේ නැගෙනහිර ජැටියෙ වැඩත් අලකරලා. දැන් රට වස්සල ආර්ථිකයත් අල කරන්න හදනවය කියලයි මේ සමහර උදවිය හිතන්නෙ.

ඒත් වැඩේ කරන්න බැරි පොඩි පරහක් තියෙනවා. ඒ රටේ දෙවැනියා නිසාලු. මොකද දෙවැනියා කොහෙත්ම කැමති නෑලු ඒ වැඩවලට. ඒ නිසා මේ වැඩේ කළොත් උන්නැහේගෙන් හොඳවැයින් දෙකක් අහගන්න වෙයි කියලා පහර දෙන්න සැට්වෙච්ච කස්ටිය බයවෙලාලු ඉන්නේ. ඒත් ඉදිරියේදී මේ ගැන කුමන හෝ සටනක් කළ යුතුයි කියලත් සමහරු කියනවලු.