2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

අංගවිකල කන්තෝරුවක්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 790

ජාතික වශයෙන් ඉතාම වැදගත් වන රටේ අනාගතයට වගකියන එක්තරා ඇමැති අංශයක දැන් මාස ගණක ඉඳල මාර ගෝරියක් පටන් අරන්. මේක දැන් රටේ ලොකු මහත්තයටත් දෙවැනි මහත්තයටත් වාතයක් වෙලා.

මේ ඇමැති අංශ වලිය පටන් අරන් තියෙන්නෙ එක් එක්කෙනා අනෙක් අයට බලය පෙන්වන්නට යාම නිසයි. 
ඇමැති තැන, රාජ්‍ය මට්ටමේ ඇමැති තැන වගේම ලේකම් තැනත් කකුල පස්සට ගන්න කිසිම සූදානමක් නැති රටේ පිළිගත් උගත් විද්වත් තුන් දෙනෙක්...

මේ දවස්වල ඔය අමාත්‍යංශයෙ ප්‍රශ්න ඇනීම නිසා රට පුරාම ලොකු ප්‍රශ්නයකුත් ඇතිවෙලා... ඒ හැම ප්‍රශ්නෙටම විසඳුම් තුනක් ආණ්ඩුවට ලැබෙනව. එකක් ඇමැතිගෙන්... අනික රාජ්‍ය ඇමැතිගෙන්... අනික ලේකම් උන්නැහේගෙන්.. ඒ තුන් දෙනාටම ඕන තමන්ගෙ විසඳුමම ක්‍රියාත්මක කරවන්න. ඒ නිසා තමයි ගෝරිය නැගලම යන්නෙ...

ඒ හින්දා දැන් අමාත්‍යංශයෙ සේවකයො අමුතු කතාවකුත් හදල මේ තුන්දෙනා ගැන. එයාල කියන විදිහට මේක හරියට කාක්කයි මාළුවයි හාවයි බර උස්සන් ගියා වගේ කියලයි එයාල කියන්නෙ. කාක්කා පියාඹන්න හදනව. මාළුවා පීනන්න හදනව. හාවා පැන පැන යන්න හදනව. ඒ හින්දා රටේ අනාගත පරපුරට වගකියන මේ අමාත්‍යාංශයෙ වැඩ සම්පූර්ණයෙන්ම අංගවිකල වෙලාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00