2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

අලුත් පන්තියක්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 534

දුරකතන පාටියේ ලොකු තැන ආණ්ඩුවේ එක එක සිද්ධි අල්ලලා විපක්ෂයේ අයට ඒ වෙනුවෙන් ප්‍රහාර එල්ල කළ හැකි දැනුමක් දීගෙනලු මේ දවස්වල යන්නේ. ඒ වෙනුවෙන් වැඩමුළු පවා තියෙනවලු. මේ දේවල්වලට අනිවාර්යයෙන් සහභාගි වෙන්නත් ඕනලු.

කොහොම වුණත් මේ වැඩ කට්ටියකට එපා වෙලාලු ඉන්නේ. ඉස්කෝලේ ළමයි වගේ පාඩම් ඉගෙන ගන්න බෑ කියලා මේ අය සමහර අය එක්ක කියනවලු. මේ නිසා ඉස්කොලේ ළමයි වගේ විවිධ හේතු කියලා මාරුවෙන අයත් ඉන්නවලු. සමහර අයට එක එක වැඩලු, තවත් අයට උණලු, තවත් අයට ඇඟට හරි නෑලු. කොහොම වුණත් වැඩේට සම්බන්ධ වෙන අය ගැන ලොක්කා බලාගෙනලු ඉන්නේ. කොයි වෙලේ හරි පැමිණීම මදි අයට දෙහි කපන්න බලන් ඉන්නේ කියලත් ආරංචිලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00