2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

පෝරියල් එකක්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 577

දේශපාලනෙදි ලේසියෙන් තරහ යන්නෙ නැති කෙනෙක් හැටියට ප්‍රසිද්ධ හිටපු කතාවට නායක චමල් තුමාට ළඟදි දවසක මාර කේන්තියක් ගිහිල්ලා... ඒක සිද්ධ වුණේ කොතලාවල පනත ගැන කතාබහට ආණ්ඩුවෙ කස්ටිය රටේ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වෙන් රැස්වුණු වෙලාවෙලු...

චමල් උන්නැහේ එක්ක එතනට ඇවිත් හිටිය කොතලාවල ආයතනෙ ලොක්කටයි ආරක්ෂක අංශෙ ලොකුම නිලමෙටයි දෙන්නටම විෂය භාර ඇමැති හැටියට උන්නැහේ කිව්වා මේ පනතට ගෙනාපු සංශෝධන ටික මැති ඇමැති ගොල්ලට කියන්න කියලා...

එහෙම කිව්වම නැගී සිටපු එක්කෙනෙක් සංශෝධනේ අමතක කරලා කතාවක් කරන්න පටන් ගත්තලු. මැති ඇමැති රැස්වීමත් එතකොට රෑ වෙනකම් ගිහිල්ලා කාටත් ඇතිවෙලා හිටියෙ..

විනාඩි පහේ වැඩේට ලොකු වෙලාවක් අරන් දේශනයක් කිරීම ගැන මල පැන්න හිටපු කතානායක තැන... කතාව ඉවර කරන්නෙ නැතුව වැඩේ වාත කරපු අය ළඟට ගිහිල්ලා ලොකු පෝරියල් එකක් දැම්මලු...

ඒක එසේ මෙසේ පෝරියල් එකක් නෙවෙයි. අරලිය මන්දිරේ වහළෙ උළු පාත් වෙන්න තරම් සැර එකක් කියලයි ආරංචි...