2021 ජුලි 31 වන සෙනසුරාදා

නිදහස සැපලු

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 526

අතපාටියේ කීපදෙනෙක් මේ ළඟකදී පක්ෂයේ ලොකු තැනට දන්වලා යැව්වලු අනාගත සැලසුමක් ගැන. ඒ සැලසුමට අනුව ලොකු තැන ඊළඟ රටේ නායක තෝරන ඡන්දයට ඉදිරිපත් වෙන්න ඕනලු. ඒ විතරක් නෙමෙයි මහ මැතිවරණයත් වෙනම ඉල්ලලා දිනන්න ඕන කියලා.

මේ පණිවිඩේ ලැබුණ ගමන් ලොක්කා ඒ කට්ටියට යැව්වලු පණිවිඩයක් කවදාවත් තමන් ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. එයා දිගටම රටට හිතවාදි නායකයෙක් බිහිකරන වැඩේට මූලිකත්වය දෙනවා කියලා. එයාට බලයට වඩා නිදහස සැපයි කියලත් කිව්වලු. කොහොම වුණත් මේ පණිවිඩේ මෙයාට දැන් හැමතැනින්ම එන්න පටන් අරන්ලු තියෙන්නේ. ඒ එයාගේ ළඟම අයගෙන්. ඒත් එයා ඇත්තටම කැමති නැතිලු එහෙම දෙයකට සම්බන්ධ වෙන්න.