2021 ජුලි 31 වන සෙනසුරාදා

සම්තිංග් වැඩක්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 591

ආණ්ඩුවෙ ඉන්න එක්තරා රටට හිතැති බලවතෙක් සම්තිංග් වැඩකට බැහැල කියල ඉහළම තැන්වලට පැමිණිලි ලැබිල...

ඒ අනුව මේ කන්තෝරුවෙ අනුමැතිය නැතුව පිටරටින් ගෙන්වන්න තහනම් එක්තරා ලෝහ ද්‍රව්‍යයක් මේ රටට ගෙන ඒමට නිල නොවන දඩයක් දාලලු...

මේ ලෝහය ආනයනය කරන කස්ටිය පස් හය දෙනෙක් රටේ ඉන්නවලු... ඉතින් මේ ගැන බලයලත් බලවතාගෙ ගෝලයෙක් මේ ආනයන ව්‍යාපාරිකයො කැඳවල පසුගිය දවසක ඉහළින් ආපු නියෝගය දැනුම් දුන්න.... ඒ අනුව පිටරටින් අරව ගේනව නම් කිලෝවකට රුපියල් 20/- බැගින් තමන්ට ලැබිය යුතුයි කියලයි නියම කළේ....

ඒත් ඔය කියන දේ විකුණල එච්චර ලාභ තියාගන්න බැරි නිසා ගිය ආණ්ඩුවෙ හිටපු බලවතාට දුන්නා වගේ කිලෝවට රුපියල් 5/- බැගින් වන ගතමනාව දෙන්නම් කියල බිස්නස් කස්ටිය කිව්වලු...

ඒ ගණනට නම් වැඩේ නොකෙරෙන බවත් බිස්නස් එක කරන්න ඕන නම් කිව්ව ගනුදෙනුව ඕනෑමයි කියල බලවත් අය දන්වල...

අන්තිමේ බැරිම තැන මේ ගැන අදාළ ව්‍යාපාර කස්ටිය ආණ්ඩුවෙ ඉහළට පැමිණිලි කළාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00