2021 ජුලි 24 වන සෙනසුරාදා

සවුත්තු වැඩක්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 891

මේ පාර ඔලිම්පික් යන්න කට්ටිය පොරකනවලු. ක්‍රීඩකයන්ටත් වඩා නිලධාරීන් කියලයි ආරංචිය. කොහොම වුණත් මේක විෂය බාර ඇමැති තැනට ආරංචි වෙලා නිලබල ලත් අය කීපදෙනෙකුට ඒ හීනය දකින්න දුන්නේ නෑලු. ඒ මොකද විනෝද වෙන්න ගමන් යන්න ඕන නෑ කියලා ලොකු තැන තීරණය කළ නිසාලු.

කොහොම වුණත් දැන් තවත් සිද්ධියක් වෙලා. ඒක ඔලිම්පික් යන දුවන ගෑනු ළමයකුට කරපු අසාධාරණයක්. ඒ නිසා මේ ගෑනු ළමයා ඉන්නේ පුදුම කනස්සල්ලෙන්ලු. නිලධාරීන් ටිකක් එකතුවෙලා මේ කරපු දේ ගැන. එයාලා කළේ මේකයි. මේ ළමයා එයාගේ දුවන තරගයට මූලික වටයෙන් පස්සේ තරගාවලියේ අර්ධ අවසන් තරගයටත් කලින් ලංකාවට එන්න මේ නිලධාරීන් ගුවන් ටිකට් පත් දාලලු. ඒ කියන්නේ මේ ළමයා අර්ධ අවසන් තරගයටවත් එන්නේ නැතිවෙයි කියලා තමයි මේ අඟවලා තියෙන්නේ. මේ ගෑනු ළමයා උද්‍යෝගයෙන් තරග කරන්න යන්න ඕන මොහොතක නිලධාරීන් එහෙම බාල සවුත්තු කිරීම ගැන හැමෝම දොස් කිව්වලු. ඒක ඒ ළමයගේ දක්ෂතාවය පහත් කිරීමක් කියලා. කොහොම වුණත් අවසානයේ මේ ගැන ලොකු තැනට ආරංචි වෙලා. දැන් එයා මේ ගැන හොයන්න කට්ටියක් දාලලු තියෙන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00