2021 ජුලි 10 වන සෙනසුරාදා

වලියට වලිය

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 661

විහිළු ඇමැතිකම් ගැන කියපු අත පාටියේ ලේකම් ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවලු. විශේෂයෙන් ආණ්ඩුව පැත්තේ පසු පෙළ කට්ටිය. එයාලට අලුතින් පාර්ලිමේන්තු ආපු කෙනත් එක්ක තියෙන මිත්‍රකම නිසා මේ ප්‍රකාශය ගැන තියෙන්නේ පුදුම තරහක්ලු. ඒ නිසා මෙයාගේ මේ කතාවට ඉක්මනින් ප්‍රතිචාර දෙන්න ඕන කියලා කට්ටිය පසුගිය දවසක තීරණය කළා.  

ආණ්ඩුවේම පක්ෂ දෙකක දෙන්නෙක්ට කරපු ප්‍රහාරය හා සමානව මෙයාටත් ප්‍රහාර එල්ල කරන්න කට්ටිය කතා වුණාලු. ඒකට ලෑස්තිවෙලා සියල්ල සිදුවෙද්දී ඉහළ තැන් කිහිපයකින් දැනුවත් කළාලු ඒක කරන්න එපා කියලා. මොකද එහෙම කළාම මේ තියෙන ප්‍රශ්න තව වැඩිවෙන නිසා. ඒත් පසු පෙළ අය තවම ඒකට සූදානමක් නෑලු. ඒ එක තැනකින් මේක නතර කරන්නය කියල කිව්වොත් විතරක් එහෙම කරන්නලු එයාල හිතන්නෙ. හැබැයි තවම ඒ ඇමතුම ආවෙත් නැති බවයි ආරංචි.