2021 ජුලි 03 වන සෙනසුරාදා

වැඩේ අල වෙච්ච හැටි

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 880

මේ ආණ්ඩුව පෝර තහනම් කරන්න ගත්තු තීන්දුව ගැන සමහරු හොඳ කියනව. සමහරු නරක කියනව....

ඒ අතරෙ පසුගියදාක ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවක ලොකුම පට්ටමක් දරන මහත්තයෙක් හමුවෙන්න යහපාලනේ හිටපු ලොකු මහත්තය ආවලු....

උන්නැහෙත් ලංකාවෙ වැඩිපුරම ගොවිජනතාව වසන දිසාවකින් ආපු නිසා එයා මෙහෙම ආවෙ පෝර වැඩේ ගැනම කතා කරන්න කියල කියැවුණා. එයා කතාව පටන් ගත්තෙ මෙහෙමයි...

පෝර ගැන මේ ආණ්ඩුව ගත්ත තීන්දුව වගේම තීන්දුවක් මගේ ආණ්ඩුවත් ගත්ත... ඒ තීන්දුව ගන්න මට බල කළේ පැවිදි කෙනෙක්. එතුමා මට තීන්දුව ගත්තම ජනතාවට සහන ලබාදෙන්නත් උදව් වෙනව කිව්ව... හැබැයි මම ඒ තීන්දුව ගත්තම... ඒ උදව් කරනවය කියාපු අය පැත්ත පළාතෙ ආවෙ නැහැ. ඒ හින්ද වැඩේ අල වේගෙන එනකොට මට ආපසු මගේ තීන්දුව රිවර්ස් කරන්න වුණා... ඒ හින්ද මේ ගැන ඔය කියන අය එක්ක ගනුදෙනු කරනකොට හුඟක් පරෙස්සම් වෙන්න ඕන... ඒක කියල යන්නයි මම ආවෙ.* කියපු හිටපු ලොකු තැන ආපසු යන්න පිටත් වුණා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00