2021 ජුලි 03 වන සෙනසුරාදා

කැපිල්ලක්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 756

ටෙලිෆෝන් පාටියෙ ඉදිරිපෙළ ක්‍රීඩා කරන මන්තිරි ගොල්ල තුන්දෙනෙකුට තැන් තැන්වල කොකු අදින පක්ෂයේ ඉහළම තැන්වලට සම්බන්ධ කෙනෙක් ඉන්නවලු....

මේ කොකු මාස්ටර් වෙලාවකට නැති බලයක් අතට අරන් කියල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයොම කියන්න පටන් අරන්....

පක්ෂය වෙනුවෙන් කට ගහගෙන සටනට බැහැල ඉන්න කොළඹ, බදුල්ලෙ හා ගාල්ලෙ මන්ත්‍රීන් තුන්දෙනෙකුටලු මේ කොකු අදින්නෙ.... ඒකට හේතුව නම් අපැහැදිලියි. කොහොම නමුත් පක්ෂයේ යමක් කරන්න ට්‍රයි කරන මන්තිරිගොල්ල කොන් කිරීමට තැත් කළොත් ඒක පක්ෂයට ගුණදායක නැහැ කියල ජ්‍යෙෂ්ඨයො විවෘතවම කියන්නත් පටන් අරන්.

මේ ප්‍රශ්න ගැන පක්ෂයේ පාලක මණ්ඩලයේදී කතා කරන්න ජ්‍යෙෂ්ඨ මන්තිරිවරැ දෙතුන් දෙනෙක් බලා ඉන්න නමුත් ඒ පාලක මණ්ඩල දෙකම රුස්වීම්වලට කැඳවන්නෙත් නැතිලු... කොරෝනා පිට දාලා පාලක මණ්ඩල රැස් නොකළත් සූම් එකෙන් හරි ඒව කියන්නෙ නැහැ කියල ටෙලිෆෝන් ලොක්කො ගණනක් ඉන්නෙ අසතුටින්ලු.

කොහොම නමුත් ඒ මණ්ඩල රැස් කරාම පක්ෂනායකත්වයට බලපෑම් කරමින් වැඩකරන මන්තිරි ගොල්ලට දොස් පරොස් කියන තුන්වැනි පාර්ශ්වයට කොක්කක් අදින්න පිරිසක් සූදානම් බවත් ආරංචියි. මේ තුන්වැනි පාර්ශ්වය සමහරු හඳුන්වන්නෙ ෆොනී^ කෙනෙක් කියලයි. හැබැයි ඒ ෆොනී සරත් ෆොනී නෙවෙයිලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00