2021 ජුලි 03 වන සෙනසුරාදා

පෝර අනාවැකිය

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 682

ආණ්ඩුවෙ මැති ඇමැති ගොල්ලන්ගෙ සුහද හමුවක් පසුගියදාක කොළඹදී තිබුණ. ඒකට ආපු නුවර මහී තුමා රටේ ලොකුම මහත්තයෙක් එක්ක ලොකු කදයක් දාගෙන ඉන්නකොට ඔන්න චාමර පවන්සලන්න වගේ ඌව පැත්තෙ කටකාර මන්තිරි සයිස් මහත්තයෙක් ආව.

වැඩිය කටට බ්‍රේක් නැති උන්නැහේ මහී ඇමැතිතැනත් එක්ක කතා කරමින් උන්න ලොකු මහත්තය අමතා ඉතාම සුහදව මෙහෙම ඇහුව....

අනේ සර්... මම හිතුව සර් මෙතුමා එක්ක තරහය කියල... ඌවෙ මන්ත්‍රී කිව්ව....

ඇයි තරහවෙන්නෙ මෙතුමා මගේ හොඳ මිත්‍රය.... ලොකු මහත්තය කීව.

ඒ වුණාට කාබනික පෝර වැඩේට මුන්නැහේ තල්ලු කරල දැන් ජනතාව මෙතුමට විරුද්ධව උද්ඝෝෂණත් පටන් අරන්....

ආ ඒක ඉස්සරහට ජනතාව කාරණා තේරැම් ගත්තම හරියාවි... ඉහළින් පිළිතුරු ලැබුණා.

නමුත් සර් මෙතුමාට තමන්ගෙ දිස්ත්‍රික්කෙන් පළවෙනිය වෙන්න ගිය ඡන්දෙදි මදිවුණේ මනාප දෙසීයයි. ඒත් මෙහෙම ගියොත් ලබන පාර මුන්නැහේට තියන ටිකත් නැතිවේද කියලයි මට බය.... කියල ඌවෙ කටකාරය කිව්ව. ඒකට සිනාවෙන්ම උත්තර දුන්න ලොකු මහත්තය....

නෑ නෑ බලන්නකො ලබන පාර මෙතුමාට මීට වඩා හොඳම තැනක් ලැබෙනව... කියමින් කතාවෙ පීල්ල මාරු කළා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00