මේ ආණ්ඩුව ගේන්න හුඟක් දරදිය ඇදපු රජයේ ලොකුම ඇමැති සයිස් මහත්තයෙක් රටේ ලොකු මහත්තයත් එක්ක පහුගියදාක පැය තුනටත් වඩා වැඩි කාලයක් දීර්ඝ සාකච්ඡාවක් කළාලු...
අවුරුද්දෙන් පස්සෙ ආණ්ඩුවෙ කළ යුතු ප්‍රබල වෙනස්කම් ගණනාවක් ගැන සේනාරත්නායක් වගේ බලවත් ඇමැතිතුමා ලොකු මහත්තයට කරුණු කිව්ව කියල ආරංචියි.
මේ දෙන්න විතරක් සහභාගි වුණ සාකච්ඡාවෙදි රජය දිනාගත යුතු අයගෙ නම් ගම් ගැනත් කතාවුණ බව කියවෙනව...
කොහොමින් කොහොමහරි මේ කතාබහෙන් පස්සෙ රටේ ලොකු මහත්තය නාරාහේන්පිට පැත්තෙ ලොකුම පන්සලක වැඩවසන සටන්කාමී හිමිනමකට තමන් පෞද්ගලිකව මුණගැහෙන්න කියල ආරාධනාවකුත් යැව්වලු.
උන්වහන්සේ හිටපු ලොකු මහත්තයගෙ ප්‍රධාන අනුග්‍රාහක හිමිනමක්ලු. පසුගිය අඟහරුවාදාවක උන්වහන්සේ ගිහිල්ල ලොකු මහත්තය මුණගැහිල අර වගේම දීර්ඝ සාකච්ඡාවක් කළා කියල ආරංචියි. හැබැයි තාම ඒකෙ ප්‍රතිඵලය දන්නෙ නැහැ. නමුත් මේ කවුරු කවුරුත් දේශපාලන අඩව්වකට ලෑස්තිවෙන බව නම් පේන්න තියනව.