2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

සවුත්තු වැඩක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

බස්නාහිර පළාතෙ ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක් සහ රෝස මලක් වගේ ඉන්න පළාත් සභා නෝන කෙනෙක් අතරෙ වලියක් ගියාලු...

මේ වලියට හේතුව කටුනායක ගුවන් තොටේ ටැක්සි ටෙන්ඩරයක හුටපටයක්ලු.

කටානට අල්ලපු ආසනේට ඉන්න වියපත් ඇමැතිතුමාටත් තමන්ගෙ කස්ටිය ටැක්සි ව්‍යාපාරෙට ඇන්ටර් කරන්න ඕන වෙලා... ඒත් කටාන පැත්තෙ ඉන්න පළාත් සභා නෝනට ඒකට මලපැනලලු.

නමුත් ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා තමන්ගෙ අමාත්‍යංසෙ බලතලත් උපයෝගී කරගෙන බලය පෙන්වන්න ට්‍රයි කළාම කටට බ්‍රේක්නැති පළාත් නෝන උන්නැහේට ප්‍රසිද්ධියෙ තිත්ත කතාවෙන් සංග්‍රහයක් කළා කියල තතු දත් අය කියනව... අන්තිමට එයා පට්ටම් අතාරින බව දන්වලත් ඉවරයි.

මේ ජරමරේ හින්ද වැඩේ ජෝන් බාස්ට ගිහිල්ල කියල කටුනායක පැත්තෙන් අහන්න ලැබුණා... 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00