2021 මැයි 08 වන සෙනසුරාදා

සැඟවුණු අමුත්තාගේ වලිය

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 858

ආණ්ඩුවෙ තවදුරටත් ඉන්නවද යනවද කියන එක ගැන අත පාටියෙ ඇතුළෙ කතාවක් යනවලු... මේ ගැන පක්ෂය තුළ තිබෙන ප්‍රබල බෙදීම නිසා ඇතුළෙ මේ ගැන කෙරෙන සංවාද පිටත ඉන්න අයටත් ආරංචි වෙනව...

පසුගියදාක පොහොට්ටු සන්ධානෙ පක්ෂ නායක රැස්වීමකදිත් මේ මාකෘතාව ඇදල අරන් පොහොට්ටුවෙ නිර්මාතෘවරයා අත පාටියෙ වේගවත් ගමනක යෙදී සිටින දයාබර දේශපාලනඥයකුට දොස් කිව්ව බවත් ආරංචියි...

කොහොම හරි සේරම කතා ආණ්ඩුවෙ අයටත්, එළියෙ ඉන්න අයටත් කියන්නෙ (අහවලා) තමයි කියල එදා දොස් අහපු (දයාබර) දේශපාලුතුමා තැනින් තැන චෝදනා කරනවලු...

මේ චෝදනාවට ලක්වෙන්නෙ හිටපු ජනපති සිරිසේන උන්නැහේ වරක් මේ රටේ අගමැතිකමට වුණත් සුදුසු දේශපාලනඥයෙක් හැටියට හඳුන්වපු දකුණෙන් බිහිවුණු අත පාටියෙ ලොක්කෙක් බවත් ආරංචියි... එයා ඒ හැටි හදිස්සියක් නැති දේශපාලුතුමෙක් නිසා පක්ෂයේ හදිස්සිකාරයො ආණ්ඩුවෙන් යමු කියන අදහස ගෙනාපු ගමන් ඒකට ප්‍රහාර එල්ල කරනවලු.

උන්නැහේලට සපෝට් එකට ඌවෙන් ආපු නිමල හදක් තිබෙන දේශපාලුතුමෙක් ඉන්න බවයි ආරංචි...

මේ කතාව දැන් අත පාටිය ඇතුළෙ ලොකු වාදයක් වෙලා... හැබැයි පක්ෂයෙ ලොකු තැන ඒ ගැන කිසිම මතයක් ප්‍රකාශ නොකර නිහඬවම ඉන්න බවත් ආරංචියි...

ඒ අස්සෙ අත පාටියෙ පොඩ්ඩො කියන්නෙ පක්ෂයෙ ප්‍රබලම චරිතයක් මේ විවාදයට දෙපැත්තටම රහසේ අනුබල දීල නිහඬව ඉන්න බවයි...

කොහොම නමුත් කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල තවම කවුරැවත් දන්නෙ නැහැ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00