2021 මැයි 01 වන සෙනසුරාදා

කාමර හුටපටේ

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 856

අත පාටියෙ කෙරුමො දෙන්නෙක් අතර කාමර හුටපටයක් නිසා අවුලක් පටන් අරන්ලු....

පක්ෂයෙ මූලස්ථානෙ මහජන දිනේට පෙනී ඉඳලා පාක්ෂික ප්‍රශ්න විසඳීම භාරදීලා තියෙන්නෙ රජරට පළාතෙන් ආපු දිසාවකට නායක කම් කියන උන්නැහේ කෙනෙකුටලු...

උන්නැහේට මේ වගකීම පැවරුවෙ පක්ෂයෙ ඉහළම තැනකින්... ඊටපස්සෙ ඒ කටයුතු කරන්න පාටි ඔපිස් එකේ කන්තෝරු කාමරයක් එයා ඉල්ලා හිටියා... ඒකට මුලින් බාධාවක් නොතිබුණ නිසා රජරට ලොක්කගෙ ලේකම් කෙනෙක් ගිහිල්ල සුදුසු තැනක් බලලා තෝරාගත්තේ පක්ෂයෙ ජාතික මට්ටමේ සංවිධායක පට්ටම දරන රජරට ලොක්කටත් දන්වලලු...

නමුත් ඒ කන්තෝරු කාමරේ ගත්තට පස්සෙ පක්ෂයෙ වැඩකටයුතු භාර ලොකුම ලියන මහත්තයෙක් මේකට කොක්කක් දාලා කන්තෝරුව දෙන්න බැහැ කියනවලු.... ඒක බලන්න ගිය රජරට ලොක්කගෙ ලේකම් තැනටත් ලොකු බරබරයක් දැම්ම බවයි ආරංචි....

මේ ගැන කලකිරිල ඉන්න රජරට ලොක්ක කාරණාව ඉහළටත් දන්වලා ජ්‍යෙෂ්ඨයො කිහිප දෙනෙකුටත් කියලා... ඒ සියලුම දෙනා කරපු වැඩේ වැරදියි කියලා පක්ෂයෙ දයාබර ලියන මහත්තයට දොස් කිය කිය යනවලු. ඒකෙන් මේකෙන් අත පාටියෙ මහජන දිනේ සහමුලින්ම චකබ්ලාස් වුණ බවත් ආරංචියි....

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00