මේ රටට ආදායම එකතු කරන්න අලුත් නීතියක් ගේන්න යනවලු. ඒකට ඕන නීතිපනත් අපේ රටට ආනයනය කළේ ඈත එපිට අප්‍රිකාව පැත්තෙ කියන ඝානාව කියන රටෙන්ලු.
ඉතින් ලෝක ප්‍රකට කස්ටියක් ඝානා රටෙන් ගෙනා අලුත් නීතිය අපේ නීති පොතට පූට්ටු කරන්න දැන් කස්ටියත් ලැස්තියිලු. ඒත් මේකට ආදායං අංසෙ ට්‍රේඩ් යුනියන් වගේම ආණ්ඩුවෙ නීති අංසවල සමහර ලොක්කොත් යටින් කොකු දාන්න පටන් අරන් කියල දූෂමාණ ආරංචියක් යනව.
මේ පනත නැතුව ආණ්ඩුවට ලෝක ණය ආධාර ගන්න අමාරැ නිසා කස්ටිය පනත තල්ලු කරන්න හදද්දි තව කස්ටියක් ඒක පස්සට අදිනවය කියල රාවයක් යනව.