2021 අප්‍රේල් 11 වන ඉරිදා

එහෙන් බැරි නම් මෙහෙන්

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:35 527

අලිපාටියේ කට්ටියක් පළාත් සභාවට දුරකථන පාටියත් එක්ක එකතුවෙලා ආණ්ඩුවට විරුද්ධව ඉල්ලමු කියලා පොඩි යෝජනාවක් ගෙනාවලු. ඒ පළා බබාලා වගයක්. ඒ අය කිව්වලු අපිට වැඩිපුර දිනාගන්න ඕන නම් එයාලා එක්ක පොඩි මුක්කුවක් ගහලා යමු කියලා. එහෙම නැතුව ගියොත් වෙන්නේ වැඩේ අවුල් වෙන එකය කියලත් මේ අය පක්ෂයේ කීපදෙනෙකුට යෝජනා කළාලු.

මේ පණිවිඩේ පොඩ්ඩ පොඩ්ඩ පක්ෂයේ ලොකු තැනගේ කනට ගියාලු. එයා කෙලින්ම කිව්වේ එහෙම කරන්න බෑ කියලා. එයා විතරක් නෙමෙයි ලේකම්, සභාපති ඒ හැමෝම කැමති නෑලු. දුරකථන පාටියට සෙට් වෙන්න. මේ ගැන ආරංචි වුණු පළා බබාලා මේ වෙනකොට අපේක්ෂක ඇප්ලිකේෂන් කීපයක් දුරකථන පාටියට දාන්න කතා කරලලු. සමහර අය සියල්ල සුදානම් කරලලු තියෙන්නේ. අන්තිම මොහොතේ බෑ කියලා දුරකථන පාටියට යන්න.