2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ලොකු උනන්දුවක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 540

මේ රටේ තිබෙන ලොකුම ස්වභාවික සම්පතක් සංවර්ධනය කරලා රටේ ප්‍රයෝජනයට ගන්න ආණ්ඩුව තීන්දු කළා...
රජරට පළාතෙ මහ පොළොවෙ පිහිටා තිබෙන මෙම සම්පත මේ රටේ අවශ්‍යතාව අනුව අවුරුදු 100ත් 150ත් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බව විද්වතුන් සොයාගත්තෙ කාලෙකට කලින්...

මේක සංවර්ධනේ කරන්න ආණ්ඩුවට අමාරු නිසා පෞද්ගලික ආයෝජනයක් විදියට වැඩේ කරන්න රජය තීන්දු කළා...
ආණ්ඩු ගණනක් යටතෙම මේ වැඩේ හරියට කරගන්න බැරි වුණේ දේශපාලන කඹ ඇදිලි නිසයි...

කොහොම නමුත් දැන් ඒ වැඩේ කරන්න සැරසෙනවය කියල ආරංචියක් යනව... හැබැයි මේක එක්තරා සුවිශේෂ “නන්දනීය” ආයෝජකයකුට පවරන්න රජයේ දේශපාලන භවතුන් දෙන්නකුට හදිසි වෙලා කියල ආණ්ඩුවෙ ඉහළම තැන්වලට වාර්තා වෙලා.

මේ හදිස්සිකාරයො දෙන්නම හොඳ කටකාර දේශපාලන භවතුන් දේශහිතෛෂී දේශපාලන භවතුන් කිව්වත් වරදක් නැහැ. දෙන්නම ආණ්ඩුවෙ මහ මණ්ඩලේ ඉන්න උදවිය. ඉතින් අපිට ආරංචි විදියට එයින් එක්කෙනෙක් උඩරට පළාතෙ. අනිත් එක්කෙනා කොළඹ පළාතෙ.

කොහොම නමුත් පසුගිය කාලෙ කතා වුණු ඉල්මනයිට් වගේ මේකත් හොඳ ආයෝජනයක් නිසා මේ දෙන්නා රට වෙනුවෙන් හරියට මහන්සි වෙනව මේ ආයෝජනේ ගොඩ දාගන්න.

ඒ වුණාට මේකට කොකු දාන තවත් ආයෝජක කස්ටියක් ඉන්නවලු...

එයාලා මේ ගනුදෙනුවෙ හතර මායිම් සේරම රටේ ලොකු තැන්වලට ලිඛිතවම දීල... ඒ නිසා මේ ආයෝජනේ කරන්න දතකන දෙතුන් දෙනාට බාල්දි පෙරළීගෙන එනවලු...

හෙට අනිද්දට මේකෙ හොඳ ජරමරයක් එළියට ඒවි කියලත් එයාල කියනවා.